කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ වාර්ෂික පිරිත් දේශනය සහ දානමය පිංකම

ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරේ වාර්ෂික පිරිත් සජ්ජායනා පිංකම 2016 දෙසැම්බර් මස 30 වන දින ගුවන් හමුදා කටුනායක කඳවුරේදී පැවැත්විණ. ඉන් අනතුරුව 2016 දෙසැම්බර් මස 31 වන දින උදෑසන 53 නමක් පූජ්‍ය මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිණාවක් ද පවත්වන ලදී.

කටුනායක ගුවන් හමුදා මූලික කදවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් එච්.එම්.එස්.කේ. කොටකදෙණිය මහතා විසින් සධාතුක කරඩුව වර්ණවත් පෙරහැරකින් වඩම්මවාගෙන විත් පිරිත් මණ්ඩපයේ තැන්පත් කරමින් පිරිත් දේශනාව ආරම්භ කල අතර  එතුමන්ගේ මූලිකත්වයෙන් පසුදින මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිණාව ද පැවැත්විණ.   

මෙම අවස්ථාවට ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරේ නිලධාරීන්, සෙසු නිළයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද සිවිල් කාර්ය මණ්ඩලය ඇතුලු විශාල පිරිසක් සහභාගී විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.