53 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව ඇරඹෙයි

53 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව 2017 ජනවාරි මස 02 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේදී ආරම්භ විය.

පාඨමාලාවේ ආරම්භක උත්සවය අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඒ ජේ අමරසිංහ නිළධාරීතුමන්ගේ මෙහෙයවීමෙන් පවත්වන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ස්කොඞ්රන් ලීඩර් සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් නිළයේ නිලධාරීන් 22 දෙනෙක්, ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ කැප්ටන් නිළයේ නිළධාරියෙකු හා ශ‍්‍රි ලංකා නාවික හමුදාවේ ලෙෆ්ටිනන්ට් නිළයේ නිළධාරීන් දෙදෙනෙකු සති 15 ක් පුරා පැවැත්වෙන මෙම පාඨමාලාව හදාරනු ලබයි. පාඨමාලාව 2017 ජනවාරි මස 02 වන දින සිට 2017 අප්‍රේල් මස 07 වන දින දක්වා පැවැත්වේ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.