ගුවන් හමුදාපතිතුමාගේ වාර්ෂික පරීක්ෂණය - කොග්ගල කඳවුර

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක විසින් පසුගිය අගෝස්තු (06) වෙනි කොග්ගල ගුවන් හමුදා කඳවුරේ සංචාරයක නිරතවිය.

අනෙකුත් ගුවන් හමුදා කදවුරු අතරින් මෙම කොග්ගල කදවුර ස්වභාව සෞන්දර්යෙන් අනූන ඉතා මනරම් වූ පරිසරයකින් යුතු වන අතර ගුවන් හමුදා පුද්ගලයින්හට ඔවුන්ගේ නිවාඩුව මනරම් පරිසරයක ගත කිරීමටද මෙමගින් හැකියාව ලැබෙනු ඇත.තවද සෙස්නා - 150 ගුවන් යානා 3ක් මෙම කඳවුරේ ස්ථාන ගත කර පුහුණු කටයුතු සිදු කිරීම විශේෂ කරුණකි.

මෙම සංචාරය අතරතුර පහත සදහන් සිවිල් හා සේවා පුද්ගලයන් පසුගිය වසර තුල කදවුරට කල වටිනා මෙහෙවර හේතුවෙන්   ගුවන් හමුදාපති සම්මානයෙන් පිදුම් ලැබීය.

012454  කෝප්‍රල්  අමරවංශ එම්.යු.ඒ       (ප්‍රවාහන ක්‍රියාකරු )
4636       සිවිල්     සේවක කේජී රවින්ද්‍ර   (කම්කරු )


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.