අන්තර් සමාජ රග්බි තරඟාවළියේදී ගුවන් හමුදාව ශ‍්‍රී ලංකා පොලිසිය පරදවයි

ඩයලොග් කුසලාන අන්තර් සමාජ රග්බි තරඟාවළයේ ඒ කොටසේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ‍්‍රී ලංකා පොලිසිය අතර පැවති තරඟයෙන් 15-13 ක් ලෙස ජය ගැනීමට ශ‍්‍රි ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායම පසුගියදා සමත්කම් දක්වන ලදී. තරඟය රත්මලාන ගුවන් හමුදා රග්බි ක‍්‍රීඩාංගනයේදී පසුගිය ජනවාරි මස 13 වන දින පැවැත්විණි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ලබා ගත් ලකුණු 15 ට උත්සාහක දිනුම් 2 ක් ප‍්‍රවර්ථන ගෝල 1 ක් සහ දඩුවම්  පහර 1 ක් අන්තර්ගත වූ අතර ශ‍්‍රී ලංකා පොලිස් කණ්ඩායම  ලබාගත් ලකුණු 13 ට උත්සාහක දිනුම් 2 ක් සහ දඩුවම් පහර 1 ක් අන්තර්ගත විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.