ජපානයෙන් ශ‍්‍ර‍්‍රී ලංකා ගුවන් හමුදාවට ගිනි නිවීමේ රථයක්

ජපන් ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව පදනම විසින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ගිනි නිවීමේ රථයක් ප‍්‍රදානය කිරීම 2017 ජනවාරි මස 16 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදීග ජපාන නියෝජිතයින් විසින් එම රථය ප‍්‍රදානය කිරීමේ ලිපිය ශ‍්‍රි ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා වෙත ලබා දීම මෙහිදී සිදු කරන ලදී.

මෙහිදී ජපාන නියෝජිතයින් පිළිගනිමින් සංස්කෘතික අංග රැසකින් සමන්විත වූ සංස්කෘතික සංදර්ශනයක්ද ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවනාගාරයේදී පවත්වන ලදී.

මෙම ජපන් නියෝජිත පිරිසට ජපන් ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව පදනමේ සාමාජික සාමාජිකාවන් සහ මේ සඳහා දායකත්වය දැක්වූ ජපාන පරිත්‍යාගහීලීන් රැසක් ඇතුළත් විය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයල නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට එක් වූහ.

  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.