ජාත්‍යන්තර හා ජාතික ශුරතා ජයගත් ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ගුවන් හමුදාවෙන් උපහාර

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 2016 වර්ෂයේදී ක‍්‍රීඩා අංශයෙන් විශිෂ්ඨ දක්ෂතා දැක්වීමට සමත් වූ අතර ගුවන් හමුදා ක‍්‍රීඩා ඉතිහාසයට සුවිශේෂී මතක සටහන් එක්් කරමින් 2016 වර්ෂයේදී ජාත්‍යන්තර තරග හා ජාතික ශූරතා ජය ගනිමින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අත්කරදුන් කීර්තිය ඇගයීම වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 88 දෙනෙකු ඇගයීමේ උත්සවයක් 2017 ජනවාරි මස 18 වන දින උදෑසන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණ.

මෙහිදී 2016 වර්ෂයේ රියෝ ඔලිම්පික් උළෙලේ ජූඩෝ ඉසවිවෙන් සමස්ථ නමවන (09) ස්ථානව දිනාගත් ජූඩෝ ක‍්‍රීඩක නායක ගුවන් භට ධර්මවර්ධන ආර් එන් හා එක්සත් රාජධානියේ පැවති 07 වන ලෝක කැරම් ශූරතාවලියේ කාන්තා අනුශූරූතාවය දිනූ ගුවන් කාන්තා රාහුබද්ධ ආර් කේ වයි සහ ගුවන් කාන්තා ලියනගේ සී එල් යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට හට මූල්‍යමය ත්‍යාග පිරිනැමූ අතර වසරේ ජාතික ශූරතාවයන් දිනූ කබඩි පිරිමි කණ්ඩායම, වොලිබෝල් කාන්තා කණ්ඩායම, කඹ ඇදීම පිරිමි කණ්ඩායම, බර ඉසිලීමේ කාන්තා කණ්ඩායම, මල්ලවපොර කාන්තා කණ්ඩායම, වෙරළ වොලිබෝල් පිරිමි/කාන්තා කණ්ඩායම්, ටයිකොන්ඩෝ පිරිමි/කාන්තා කණ්ඩායම් හා ගුවන් හමුදා රගර් කණ්ඩායම යන කණ්ඩායම් වලට ගුවන් හමුදාධිපතිතුමන් විසින් සුභාශිංසන පුද කරන ලදී.

මෙම සුවිශේෂී අවස්ථාව සදහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික නිළධාරී, විධායක කි‍්‍රඩා නිළධාරී, ගුවන් හමුදා ක‍්‍රීඩා කවුන්සලයේ් ලේකම්, ක‍්‍රීඩා කණ්ඩායම් වල සභාපතිවරුන්, ලේකම්වරුන්, පුහුණුකරුවන් හා කළමණාකරුවන් ඇතුළු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් විශාල පිරිසක් ද සහභාගී විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.