2016 වසරේ 05 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ඨ ප‍්‍රථිපල ලබාගත් සිසු සිසුවියන්ට උපහාර පිදේ

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සංකල්පයකට අනුව සංවිධානය කරන ලද ගුවන් හමුදා සේවයේ නියුතු නිළධාරීන්ගේ සෙසු නිළයන්ගේ හා සිවිල් සේවක මහතුන්ගේ 2016  ශිෂ්‍යත්ව විභාගය ඉහලින් සමත්  දරුවන්ට උපහාර පිදීමේ වැඩසටහනක් ගුවන් හමුදා මූලස්ථානයේදී 2017 ජනවාරි 20 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙහිදී  ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 170 ට වැඩියෙන් ලබා දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් අසූ දෙදෙනෙකු (82) සදහා සේවා වනිතා ඒකකය මගින් මුදල් ආධාර ලබාදෙන ලදී.

අනතුරුව ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී අනෝමා ජයම්පති මහත්මිය විසින් මෙම අවස්ථාවට සහභාගී වූ විශේෂ දක්ෂතා දැක්වූ සිසු දරු දැරියන්ට සුභ පතන ලදී.

ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඩී එල් එස් ඩයස්,  ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරීන්,සේවා වනිතා ඒකකයේ සාමාජිකයින්, ගුවන් හමුදා සේවයේ නියුතු ගුවන් හමුදා නිළධාරීන්, සෙසු නිළයන්, දෙමව්පිය දූදරුවන් පිරිසක් ද මෙම අවස්ථාව සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.