ජාතික ක්‍රීඩා හා ශාරීරික යෝග්‍යයතා සතිය - 2017

ශ්‍රී ලංකාව තුල  සෞඛ්‍ය සම්පන්න, ප‍්‍රීතිමත් හා ධෛර්යය සම්පන්න පරපුරක් නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව පෙබරවාරි 06 දින සිට පෙබරවාරි මස 12 දක්වා වූ සතිය "ජාතික ක්‍රීඩා හා ශාරීරික යෝග්‍යයතා සතිය" ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. මෙම අවස්ථාවට සමගාමීව බොහෝ කී‍්‍රඩා හා ශාරීරික යෝග්‍යතා ප‍්‍රවර්ධන වැඩසටහන් රට පුරා දියත් කිරීමට නියමිතය.
 
රට තුළ මනා ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීම මෙන්ම ජනතාවට ශාරීරික පුහුණුව තුළින් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් හදුන්වාදීම හා එය ජනතාව තුළ ප්‍රචලිත කිරීමේ අදහසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ආරම්භ කරන ලදී.

මීට සමගාමීව ගුවන් හමුදාව මගින් සංවිධානය කල වැඩසටහනක් කොළඹ රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටියේදී අද (2017 පෙබරවාරි 06) දින ආරම්භ කරන ලදී.

ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානීතුමන් වන එයාර් වයිස් මාර්ෂල් ඩී එල් එස් ඩයස්, අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරීන්, ගුවන් හමුදා කොළඹ කදවුරු අණදෙන නිළධාරීතුමන්, අනෙකුත් නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් කාර්‍ය මණඩලය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.     

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.