88 වෙනි ජාතික ක්‍රීඩා උළෙලේ ගුවන් හමුදාවෙන් ජාතික වාර්තා දෙකක්

හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ අන්තර් ජාතික ක්‍රීඩා සංකීර්ණයේ දින 03ක් තිස්සේ පැවති 88 වෙනි ජාතික මලල ක්‍රීඩා තරගාවලිය පසුගිය අගෝස්තු 08 වෙනි දින නිමාවට පත් වන විට ගුවන් හමුදා මලල ක්‍රීඩා කණ්ඩායම රන් පදක්කම් 07ක් ඇතුළුව පදක්කම් 35ක් ලබා ගැනීමට සමත් විය.

ගුවන් හමුදා මලල ක්‍රීඩා කණ්ඩායම තරගාවලියේ විශිෂ්ඨ ලෙස දස්කම් දක්වමින් රන් පදක්කම් 07ක්, රිදී පදක්කම් 10ක් සහ ලෝකඩ පදක්කම් 18ක් ලබා ගැනීමට සමත් විය. ගුවන් කාන්තා රණසිංහ සහ ගුවන් කාන්තා දුලක්ෂි පිළිවෙලින් රිටි පැනීම සහ මිටර 3000 භාධක දිවීමේ තරග වලින් ජාතික වාර්තා බිහිකිරීමට සමත් විය.

තරගාවලියේ ප්‍රධාන ආරාධ්ත අමුත්තා ලෙස ක්‍රීඩා අමාත්‍යය සී.බී රත්නායක මහතා සහභාගී විය.

88 වෙනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ විශිෂ්ඨ දස්කම් දැක්වු ගුවන් හමුදා ක්‍රීඩකයින් පහත දැක්වේ.

දක්ෂතම ක්‍රිඩිකාව -  ගුවන් කාන්තා රස්නායක ආර්.එම්.සී.එස්
දක්ෂතම මැදි දුර ධාවන ක්‍රීඩිකාව   -  ගුවන් කාන්තා සමන්මලී ටී.ඒ.එස්.
ධාවන තරග සඳහා දක්ෂතම ක්‍රිඩිකාව  -  ගුවන් කාන්තා රස්නායක ආර්.එම්.සී.එස්
මැදි දුර ධාවන තරග සඳහා දක්ෂතම ක්‍රිඩිකාව  -  ගුවන් කාන්තා සමන්මලී ටී.ඒ.එස්.
දිගු දුර ධාවන තරග සඳහා දක්ෂතම ක්‍රිඩිකාව  -  ගුවන් කාන්තා දිල් රුක්ෂි ඩ්බ්.පී.ඊ.කේ

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.