ප‍්‍රතිසංස්කරණය කරන ලද මඩකලපුව ශ‍්‍රී මුරුගන් දෙමළ විද්‍යාලය විවෘත කෙරේ

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 66 වන සංවත්සරයට සමගාමීව මඩකලපුව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර මගින් මඩකලපුව ශ‍්‍රී මුරුගන් දෙමළ විද්‍යාලය ප‍්‍රතිසංකරණය කිරීම සුදු කරන ලදී. ප‍්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු 2017 ජනවාරි මස 27 වන දින ආරම්භ කරන ලද අතර 2017 පෙබරවාරි මස 16 වන විද්‍යාලයේ ප‍්‍රතිසංස්කරණය කටයුතු නිම කරන ලදී. එලෙස ප‍්‍රතිසංස්කරනය කරන ලද මුරුගන් දමිළ විද්‍යාලය විවෘත කිරීම පසුගිය පෙබරවාරි මස 21 වන දින මඩකලපුව දිසපතිතුමියගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී. මඩකලපුව ප‍්‍රදේශයේ දරු දැරියන් වෙනුවෙන් සිදු කරන ලද මෙම මහඟු කාර්ය අගයමින්, මඩකලපුව ජනතාව තමන්ගේ සාම්ප‍්‍රදායික ආකාරයට ගුවන් හමුදා නිළධාරීන් සහ සෙසු නිළයන් හට සිය කෘතඥතාව පළකර සිටින ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.