ගුවන් හමුදා ප්‍රදර්ශණයේ අවසන් දින උත්සවය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 66 වැනි සංවත්සරය වෙනුවෙන්  2017 මාර්තු මස 05 දින සන්ධ්‍යාවේ රත්මලාන ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේ සංවිධානය කරන ගුවන් හමුදා ප්‍රදර්ශණය සහ සැණකෙළිෙය්  අවසන් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන මැතිතුමන්  සහභාග විය.

රාජ්‍ය අමාත්‍ය වරයා පිළිගැනීම හා අනතුරුව ප්‍රධාන පීඨිකාවවෙත කැඳවාගෙන එන ලද්දේ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසිනි. අනතුරුව ගුවන් යානා සංදර්ශනය ආරම්භකරන ලද අතර එයට සමගාමිව ගුවන් හමුදාව විසින් සංවිධානය කර තිබූ සංදර්ශන විවිධ ක්‍රියාකාරකම් සහ ප්‍රදර්ශණ කුටි නැරඹීමටද සහභාග විය.

 තවද මෙම අවස්ථාව සඳහා  ගුවන් හමුදා ප්‍රධාන මාන්ඩලික නිලධාරීී එයාර්  වයිස් මාර්ෂල් සුමංගල ඩයස්  ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරීන් ඇතුළු විශාල පිරිසක්  සහභාගී වී සිටිය.





 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.