පලාලි ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට

ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා 2017 මාර්තු මස 10 වන දින පලාලි ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය පවත්වන ලදී.

ගුවන් හමුදා පලාලි කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කපිතාන් එල් එච් සුමනවීර විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිළිගනු ලැබූ අතර උත්තමාචාර පෙළපලියක් ද පවත්වන ලදී.

ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සෑම ස්ථානයක්ම තම පරීක්ෂණයට භාජනය කර  අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සියළුම නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් අමතන ලද අතර එහිදී පලාලි ගුවන් හමුදා කඳවුර වෙනුවෙන් ඔවුන් දක්වන ලද දායකත්වය ඇගයිමට වස් තම ප්‍රශංසාව පලකරන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.