චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ රෝහල සිය 6 වන සංවත්සරය සමරනු ලබයි

චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ රෝහල සිය 6 වන සංවත්සරය පසුගිය මාර්තු මස 14 වන දින සමරන ලදී. සංවත්සරයට සමගාමීව චීනවරාය නච්චිකුඩා, සිද්ධර්දා විද්‍යාලයේ වෛද්‍ය සහ දන්ත සායනයක් මාර්තු මස 13 වන දින පවත්වන ලදී. මෙම අවස්ථාවට වැඩබලන පීඨාධීපති ගෲප් කැප්ටන් එස්ඞීජීඑම් සිල්වා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර එහිදී පාසල් උපකරණ ඇතුළු ත්‍යාග පාර්සල් සිසු දරු දැරියන්ට ප‍්‍රදානය කරන ලදී.

මාර්තු මස 14 වන දින රෝහල් අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එම් විද්යෝදන් ඇතුළු රෝහල් සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් සංවත්සර පෙලපාලිය පවත්වන ලද අතර ක‍්‍රිකට් තරඟාවළියක් මාබල් වෙරළ පරිශ‍්‍රයේදී පවත්වන ලදි.

  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.