දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක සේවා රාජකාරී බලඇණිය සදහා පදක්කම් ප‍්‍රදානය කරයි

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක සේවා රාජකාරී කටයුතු සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් 2016 ජුනි මස 07 වන දින දිවයිනෙන් පිටත්ව ගොස් මාස 09 ක කාළයක් සාර්ථකව රාජකාරී සිදු කල 02 වන බලඇණිය තවත් එක් සන්ධිස්ථානයක් සනිටුවහන් කරමින් 2017 මාර්තු මස 17 වන දින පදක්කම් ලබා ගන්නා ලදි.

මෙම පදක්කම් ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධි අමුත්තා ලෙස දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී භාර සහකාර අධ්‍යක්‍ෂක ලෙස කටයුතු කරන ස්ටෙපනි ස්චෙයර් මහත්මිය සහභාගී විය. ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව සැපයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් විශේෂ නියෝජිතයෙකු ලෙස මෙම ඓතිහාසික අවස්ථාවට සහභාගී විය.

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී භාර හමුදා මාණ්ඩලික ප‍්‍රධානී බි‍්‍රගේඩියර් ජෙනරල් රොබට් ලෝත් දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී ක්‍ෂේත‍්‍ර කාර්යාල ප‍්‍රධානී මෙම ඒකකයේ ප‍්‍රධාන ගුවන් මෙහෙයුම් නිළධාරී අනෙකුත් බලඇණි අණදෙන නිළධාරීන් ඇතුන්‍දා සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම පදක්කම් පෙළපාලිය අලංකාරවත් අංගයන් කිහිපයක් ඇතුලත් වූ අතර ඒ අතුරින් සාම්ප‍්‍රදායික නර්ථනයන් බෙර වාදනයන් අලංකාරවත් සරඹ සංදර්ශයක් ගිනි කෙලි සංදර්ශනයකින් වර්ණවත් විය. පෙළපාලිය අවසානයේ බලඇණි සාමාජිකයන් විසින් ශී‍්‍ර ලංකාවේ ක‍්‍රමයට රාති‍්‍ර භෝජන සංග‍්‍රහයක් ද සංවිධානය කර තිබුණි. 

  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.