ඕමාන් ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ නියෝජිතයින් පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක

අධ්‍යාපන චාරිකාවක් සදහා ශී‍්‍ර ලංකාවට පැමිණ සිටින  ඕමාන් ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් පසු ගියදා  (2017 මාර්තු මස 20) ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය. ති‍්‍රවිධ හමුදා නියෝජනය කරමින් එරට ජේ්‍යෂ්ඨ නිළධාරීන් 17 දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙම සංචාරය සදහා එක් විය.

මෙමදූත පිරිසේ ප‍්‍රධානියා ලෙස එයාර් කොමඩෝර් නසාර් ජුම්මා මහතා කටයුතු කල අතර ගුවන් හමුදා මූලස්ථානය වෙත පැමිණි ඔවුන් ගෲප් කැප්ටන් ෂෙහාන් විජේනායක විසින් මූලස්ථානය වෙත සුහදව පිළිගන්නා ලදි. අනතුරුව මෙම නියෝජිත පිරිසේ ප‍්‍රධානී ලෙස  කටයුතු කල එයාර් කොමඩෝර් නසාර් ජුම්මා විසින් ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හමුවිය.

ගුවන් හමුදා මෙහෙයෙුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන කේ පතිරණ මහතා විසින් ගුවන් හමුදා මානුෂිය මෙහෙයුමි හා නව සංවර්ධන කි‍්‍රයාදාමය පිළිබදව ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදි. අනතුරුව ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය සහ පැමිණ සිටි දූත පිරිස අතර අන්‍යයෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබදව ප‍්‍රශ්ණ හා ඒවාට පිළියම් ලබා ගත හැකි ආකාරය පිළිබදව සාකච්ජා කරන ලදි. අවසාන වශයෙන් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු විය.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.