ඉරණමඩු ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක‍ෂණයට

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ඉරණමඩු  ගුවන් හමුදා කදවුරේ සිය වාර්ෂික පරීක‍ෂණය 2017 මාර්තු මස 23 වන දින සිදු කරන ලදී.

ආචාර පෙළපාලියේ පෙළපාලි අණදෙන්නා ලෙස කටයුතු කල කදවුරු අණදෙන නිළධාරී ගෲප් කපිතාන් හර්ෂ නානායක්කාර මහතා විසින්  ගුවන්හමුදාධිපතිතුමන් කඳවුරු පරිශ‍්‍රය වෙත පිළිගනු ලැබූ අතර අනතුරුව ගුවන් හමුදාපතිතුමන් විසින් පෙළපාලිය සිය පරීක‍ෂණයට ලක් කරන ලදී.

මෙහිදී  ගුවන් හමුදාවේ උන්නතිය උදෙසා කළ සේවය වෙනුවෙන් 018579 කෝප‍්‍රල් ලක්මාල් කේ පී ආර් ඩී ඒ (වඩු කාර්මික) ගුවන් හමුදාධිපති තුමන්ගේ ඇගයිමට ලක් විය.

පරීක්‍ෂණය අවසානයේදී ගුවන් හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් තම කැපවීමෙන් ක‍්‍රියා කරන සියළුම කඳවුරු සමාජික සාමාජිකාවන් හට සුභ පතමින් ගුවන් හමුදාධිපතිතුමන් විසින් සියළුම කඳවුරු සාමාජික සමාජිකාවන් අමතන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.