මුලතිව් ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් පසුගිය 2017 මාර්තු මස 24 වන දින මුලතිව් ගුවන් හමුදා කඳවුරෙහි තම වාර්ෂික පරීක්‍ෂණය සිදුකරන ලදී.

කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් නිශාන්ත පි‍්‍රයදර්ශන විසින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුර වෙත පිළිගනු ලැබූ අතර ගුවන් හමුදාධිපති සම්මාන පිරිනමනු ලැබු මාර්ග පෙල ඛණ්ඩය සඳහා ෆ්ලයින් ඔෆිස එන්ජීටීඑම් අබේසිරි විසින් අණදෙන ලදි.

පරීක‍ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරේ සියලුම නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් අමතන ලදී. එහිදී ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය වෙනුවෙන් කඳවුර සූදානම් කිරීම සම්බන්ධයෙන් සියළුම කඳවුරු සාමාජික සමාජිකාවන්ට තුති පළකරන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.