ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඒකළ කදවුරු වාර්ෂික කි‍්‍රඩා උළෙල

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල සිය වාර්ෂික කි‍්‍රඩා උළෙල සියලූම වෘත්තීය පුහුණුවන්නන්ගේ සහ උපදේශකයන්ගේ සහභාගීත්වයෙන් 2017 මාර්තු මස 24 වන දින පාසල් කි‍්‍රඩා පරිශ‍්‍රයේදී පවත්වන ලදි. මෙම කි‍්‍රඩා උලෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඒකළ වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිළධාරී ගෘප් කැප්ටන් ජුඩි පෙරේරා නිළධාරීතුමන් සහභාගී වූ අතර කදවුරේ සියලූම නිළධාරීන්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

කදවුරු පුහුණුවනන්නන් විසින් කි‍්‍රඩා උළෙල සදහා බිලැක් ඊගල්ස්, මාර්ෂල් ඊගල්ස් සහ ගෝල්ඩන් ඊගල්ස් නමින් නිවාස තුනක් සංවිධානය කර තිබූ අතර කි‍්‍රඩා තරගාවලියේ සමස්ථ ශූරතාවය මාර්ෂල් ඊගල්ස් විසින් හිමි කර ගත් අතර ගෝල්ඩන් ඊගල්ස් අනුශුරතාවට හිමිකම් කියන ලදි. අනුශූරතාවයේ දෙවන ස්ථානය බ්ලැක් ඊගල්ස් හට හිමි විය.

කි‍්‍රඩා උත්සවය වෙනුවෙන් ආරාධිත පාසල් විසින් ඉදිරිපත් කරන ලද මීටර් 400x4 පිරිමි විවෘත තරග ඉසව්ව සහ මීටර් 400x4 පිරිමි ඉසව්ව මෙම සැන්ඣීව වර්ණවත් කිරීමට හැකිවිය.

කි‍්‍රඩා උත්සවය අවසානයේ කදවුරේ සියලූම අයවලූන්ගේ සහභාගීත්වයෙන් කදවුරු පාසැල් පුහුණුවන්නන්ගේ තූර්ය වාදක සංගීත කණ්ඩායම සමගින් උත්සවය  වර්ණවත් ලෙස  සමරනු ලැබීය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.