මීරිගම ගුවන් හමුදා කදවුරේ ගුවන් ආරක‍ෂණ අණ සහ පාලන මධ්‍යස්ථානය සිය 11 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා මීරිගම කදවුරේ ගුවන් ආරක‍ෂණ අණ සහ පාලන මධ්‍යස්ථානය සමාජ සහ ආගමික කටයුතු මාලාවක් සමගින් සිය 11 වන සංවත්සර දිනය 2017 මාර්තු මස 29 වන දින සමරනු ලැබීය.

මෙදිනට සමගාමීව මීරිගම ප්‍රදේශයේ අබලන් වී ගිය ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම හා අලුත්වැඩියා කිරීම රෝහල පරිශ්‍රයේ තිබෙන උද්‍යානය අවට පිරිසිදු කිරීම 2017 මාර්තු මස 24 වන දින සිදු කරනු ලැබීය. 2017 මාර්තු මස 28 වන දින මීරිගම කදවුරු ගුවන් භට භෝජනාගාර පරිශ්‍රය වෙත මහා සංඝ රත්නය වඩමිමා දානය පිලි ගැන්වූ අතර මේ සදහා ගුවන් ආරක‍ෂණ අණ සහ පාලන මධ්‍යස්ථානයේ සියලුම සේවා පුද්ගලයන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් පිරිසක් සහභගී වී සිටියහ. සංවත්සර දින කදවුරු අණදෙන නිළධාරීගේ ප්‍රධානත්වයෙන් වැඩ පෙළපාලිය සංවිධානය කරන ලදි.

මෙදින පුණ්‍යමය වැඩසටහනක් සංවිධානය කරමින් සෙත් සෙවණ වැඩිහිටි නිවාසයේ රැදවියන් 195 දෙනෙකු සදහා දහවල් ආහාරය ලබා දුන් අතර මෙම සියලු කටයුතු කදවුරු අණදෙන නිළධාරී ගෘෘප් කැප්ටන් ඔි ඒ එන් එස් ප්‍රනාන්දු නිළධාරිගේ මගපෙන්වීම යටතේ සිදු කරනු ලැබීය. සංවත්සර දිනය නිමා කරමින් සියලු නිළයන්ගේ සහභාගීත්වයෙන් දහවල් ආහාරය ගුවන් ආරක‍ෂණ අණ සහ පාලන මධ්‍යස්ථානයේදී සූදානම් කරන ලද අතර මිය ගිය එයාර් කොමඩෝර් එචිබීඩීජේ කරුණාරත්න නිළධාරී සිහිපත් කරමින් එතුමන්ට ආශිර්වාද ලබා දෙන ලදි.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.