අන්තර් ඒකක බොක්සිං තරගාවලිය - 2017

අන්තර් ඒකක බොක්සිං තරගාවලිය 2017 මෙවර ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කටුනායක කදවුරු ගෘහස්ථ කි‍්‍රඩාංගනයේදී (2017 මාර්තු මස 31) පැවැත්වුණු අතර එහි පිරිමි අංශයේ ශූරතාවය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා වන්නි කදවුර දිනා ගැනීමට සමත් වූ අතර කාන්තා අංශයේ ශූරතාවය ඒකල වෘත්තීය පුහුණු පාසල දිනා ගැනීමට සමත්විය.

තරගාවලියේ හොදම බොක්සිං කි‍්‍රඩක කි‍්‍රඩිකාවන් ලෙස පිළිවෙලින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මොරවැව කදවුරේ ගුවන්භට ලක්මාල් කේජීසී සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා දියතලාව මූලික සටන් පුහුණු පාසලේ ගුවන් කාන්තා සේනාරත්න ජීජීඑස්එස් යන අය නම් කරනු ලැබීය.

මෙම ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා සැපයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය නිළධාරීතුමන් සහභාගී වූ අතර ගුවන් හමුදා බොක්සිං සංගමයේ සභාපති එයාර් කොමඩෝර් ක්ලයිඞ් වීරකෝන්, ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිළධාරීන් කටුනායක කදවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ප‍්‍රසන්න පායෝ ඇතුලු නිළධාරීන් සෙසු නිළයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.