කටුනායක ගුවන් හමුදා කදවුරේ විද්‍යුත් සහ සංනිවේදන ඉංජිනේරු පක්‍ෂාංගය සිය 59 වන සංවත්සරය සමරයි

සංවත්සර දිනය ආරම්භ කරමින් විද්‍යුත් සහ සංනිවේදන ඉංජිනේරු පක්‍ෂාංගයේ සියලු සේවා පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් සංවත්සර දින වැඩ පෙළපාලිය එම පක්‍ෂාංගයේ අණදෙන නිළධාරීගේ මූලිකත්වයෙන් පැවැත්වූ අතර අනතුරුව පක්‍ෂංගය වෙනුවෙන් කල දායකත්වය වෙනුවෙන් 19545 බල සැරයන් අධිකාරී ඒඑම්එන් යන අය අගය කර ස්තුති කල අතර 2016 වර්ෂය වෙනුවෙන් පැවැත්වූ ගුවන් හමුදා විශිෂ්ටතා සම්මාන උළෙලේ වසරේ හොදම ඉලෙක්ට්‍රොනික උපකරණ ඉංජිනේරු ලෙස නම් කරන ලද 27359 සැරයන් දර්ශන කුමාර එච්ඒඑස් යන අය හට සුභපතන ලදි.

සංවත්සර දිනයට සමගාමීව සියලුම සේවා සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් එම ඒකක පරිශ‍්‍රයේදී බණ වැඩසටහනක් පවත්වා සියලු සේවා සිවිල් අයවලූන් සහ එම පවුල් වල සාමාජික සාමාජිකාවන් හට ආශිර්වාද ලබා දෙන ලදි.

තවද පමුණුගම ළමා නිවාසයේ දරු දරුයන් හට පාසැල් උපකරණ සහ අනෙකුත් අවශ්‍ය උපකරණ කිහිපයක් ලබා දීමටද කටයුතු කරන ලදි.   

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.