ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සිංහල හින්දු අළුත් අවුරුද්ද සමරයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය වාර්ශිකව පවත්වනු ලබන සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය කොළඹ ගුවන් හමුදා කඳවුර සමග එක්ව පසුගිය අපේ‍්‍රල් මස 05 වන දින රයිෆල් ග‍්‍රීන් ක‍්‍රීඩාංගනයේදී පවත්වන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මියගේ ආරධනයට අනුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. සම්පාදායානුකූලව පොල්තෙල් පහන දැල්වීමෙන් උත්සවය ආරම්භ කරන ලදී.

ගුවන් හමුදා බක්මහ උළෙල ජන ක‍්‍රිීඩාවට මුල් තැනක් ලබා දෙමින් විවිධ ක‍්‍රීඩා අංග රැුසකින් සමන්විත වූ අතර එහිදී පංච කෙළිය, කොට්ටා පොර, කණා මුට්ටිය බිඳීම, කඹ ඇදීම ආදී ක‍්‍රීඩා රැසක් පවත්වන ලදී. එසේම බක්මහ උළෙලක අලංකාරම අංගය වන අවුරුදු කුමාරයා සහ අවුරුදු කුමරිය තේරීමේ තරඟයද පවත්වන ලදී.

ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ එම මහත්මීන්, ගුවන් හමුදා නිළධාරීන් සෙසු නිළයන්, සිවිල් සේවක මහත්ම මහත්මීන් සහ එම පවුල්වල සාමාජික සාමාජිකාවන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.