වන්නි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර මගින් පම්පෙමඩු අනාථ නිවාසයේ ප‍්‍රජා සත්කාර ව්‍යාපෘතියක්

තවත් එක් ප‍්‍රජා ව්‍යාපෘතියක් සහ සිංහල හිංදු අලුත් අවුරැද්ද සමරනු වස් වන්නි ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා එ්කකය මගින් වන්නි ගුවන් හමුදා කවුර අාසන්නයේ පිහිටා අැති පම්පෙමඩු අනාථ නිවාසයේ ප‍්‍රජා සත්කාරක වැඩසටහනක් පසුගිය අපේ‍්‍රල් මස 05 වන දින සිදු කරන ලදී. මෙහිදී ශ‍්‍රමදාන ව්‍යාපෘතියක් සහ ළමුන් 20 දෙනෙකුට සහ වැඩිහිටි පුද්ගලයින් 115 දෙනෙකු සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා දීමක්ද සිදු කරන ලදී. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ උපදෙස් සහ වන්නි ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් කේකේඒකේ කළුආරච්චිගේ  මග පෙන්වීම මත මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරන ලදී.

වන්නි ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිනී ලක්මාලි ගුණවර්ධන මහත්මිය විසින් මෙම කණ්ඩායමට නායකත්වය සපයන ලදී. වන්නි ගුවන් හමුදා කඳවුරු කැලිප්සෝ සංගීත කණ්ඩායම විසින් නිවාසයේ වාසය කරන පිරිස හට විනෝදය සපයන ලදී. දිවා භොජනය පිළිගැන්වීමෙන් අනතුරුව ඔවුන් හට අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ත්‍යාග පාර්සල් පිළිගන්වන ලදී.

  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.