ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට ජපන් ආධාර

ජපන් ශී‍්‍ර ලංකා මිත‍්‍රත්ව සංගමය විසින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව වෙත ටොයෝටා වර්ගයට අයත් ගිනි නිවාරන රථයක් ප‍්‍රධානය කිරීම පසුගියදා (2017 අපේ‍්‍රල් මස 17) ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මුලස්ථානයේදී සිදු කරන ලදි. සංචාරයක් සදහා ශී‍්‍ර ලංකාවට පැමිණ සිටින නියෝජිත පිරිස විසින් එදින පැවැත්වූ උත්සවයේදී ගිනි නිවාරන රථයට අදාල ලියකියවිලි ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් මහතා වෙත භාර දීම සිදු කරන ලදි.

මීට අමතරව නියෝජිත පිරිස විසින් ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සමග ඇති සහයෝගීතාවය දිගින් දිගටම පවත්වාගෙන යාම සදහා ශිෂ්‍යත්ව පාසැල් බෑග් සහ ඇස් කණ්නාඩි ප‍්‍රධානයක්ද සිදු කරන ලදි.

ජපන් නියෝජිත පිරිස විසින් සිදු කල පරිත්‍යාගයන් අගය කරමින් ඔවුන් වෙත නවමුවූ අත්දැකීමක් ලබා දීමේ අරමුණින් විශේෂ සංස්කෘතික වැඩසටහනක්ද පවත්වන ලදි.

මෙම දූත පිරිසේ ප‍්‍රධානියා ලෙස ජපන් ශී‍්‍ර ලංකා මිත‍්‍රත්ව සංගමයේ ප‍්‍රධානී ආචාර්ය තිලකරත්න මහත්මිය සහභාගී වූ අතර ජපන් සංගමයේ ආරාධිත අමුත්තන් රැුසක්ද සහභාගී විය.

මෙම අවස්ථාව සදහා අධ්‍යක්‍ෂක මණ්ඩලය ජේ්‍යෂ්ඨ නිළධාරීන් මෙන්ම සෙසු නිළයන් පිරිසක්ද සහභාගී වී සිටියහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.