පාකිස්තාන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක

දහනව දෙනෙකුගෙන් සමන්විත පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක් පසුගිය අපේ‍්‍රල් මස 24 වන දින ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය. පාකිස්තානු යුධ, නාවික, ගුවන් හමුදාවන්හි ජ්‍යේෂ්ඨ නිළධාරීන් හා සිවිල් ශිෂ්‍යයින් ගෙන් සමන්විත වූ මෙම කණ්ඩායම තමන්ගේ  පාඨමාලාවේ විදේශ අධ්‍යාපන සංචාරයේ එක් අංගයක් ලෙස ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සංචාරය කරන ලදී.

පකිස්තානු ජාතික ආරක්ෂක විෂ්වවිද්‍යාලයේ ජේෂ්ඨ උපදේශක කොමදෝරු ෂාහිඩ් සෝහේල් රාඔ්  මහතා මෙම සංචාරක කණ්ඩායමේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන ලදී. මෙම නියෝජිත පිරිස ගුවන් හමුදා මූලස්ථානය වෙත පිළිගැනීම ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ප‍්‍රධාන ගුවන් ගමන් පාලන නිළධාරී ගෲප් කැප්ටන් සමන් පල්ලෙවෙල විසින් සිදු කරන ලදී. ඉන් අනතුරුව නියෝජිත පිරිසේ ප‍්‍රධානී කොමඩෝර් ෂාහිඩ් සෝහේල් රාඔ් මහතා විසින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඩී එල් එස් ඩයස් මහතා හමුවිය.

මානූසීය මෙහෙුම් සමයේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සිදු කරන ලද ගුවන් හමුදා මෙහෙයුම් හා නූතන සංවර්ධනය පිලිබදව දේශනය,   ගෲප් කැප්ටන් ආර් ඒ ඩී ටී එම් වීරරත්න විසින් සිදු කරන ලදී. අනතුරුව පැවති ප‍්‍රශ්න හා පිළිතුරු ලබා දීම වටය ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී. අවසානයේ දෙපාර්ශවය අතර සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද නසිදු කරන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.