රත්මලාන ගුවන් හමුදා කඳවුර සිය 32 වන සංවත්සරය සමරයි

රත්මලාන ගුවන් හමුදා කඳවුර සිය 32 වන සංවත්සරය පසුගිය අපේ‍්‍රල් මස 23 වන දින සමරන ලදී. සංවත්සර දිනයට සමගාමීව 2017 අපෙ5්ල් මස 21 වන දින යසෝපුර ළමා නිවාසයේ සමාජ සත්කාර වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන ලදී.

සංවත්සර දින වැඩසටහන් මාලාව ආරම්භ කරමින් අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ආර් පී ලියනගමගේ මහතා විසින් සංවත්සර පෙළපාළිය නිරීක්‍සණය කරන ලදී. එහිදී අණදෙන නිළධාර්ීතුමන් විසින් කඳවුරේ සිටයළම සාමාජික සාමාජිකාවන් වෙත කඳවුරේ මෙන්ම ගුවන් හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවීමෙන් ක‍්‍රියාකිරීම වෙනුවෙන් සුභාශීංෂන එක් කරන ලදී.

පෙළපාලිය අවසානයේ සියළුම නිළයන්ගේ සහභාගීත්වයෙන් එල්ලේ තරග’ාවළියක් පවත්වන ලදී. සංවත්සර දින සැමරුම අලංකාර අංගම්පොර සංදර්ශනයකින් සහ සංගීත සංදර්ශනයකින් අලංකාර වූ අතර සියළුම නිළයන්, සිවිල් සේවක මහත්ම මහත්මීන් සහ ඒ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් රාත‍්‍රි භෙෘ්ජන සංග‍්‍රහයක්ද පවත්වන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.