අන්තර් සමාජ රගර් තරගාවලියේ අනුශූරතාවය ගුවන් හමුදාවට

ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා සී ආර් සහ එෆ් සී පිළ අතර පැවති අන්තර් සත් සාමජික කුසලානය සදහා වූ අවසන් තරගය ඊයේ ලොන්ඩන් පෙදෙස ක්‍රීඩාංගනයේදී 21-17 ලෙස නිමාවට පත් විය.

තරගාවලිය ආරම්භයේ සිටම තියුණු තරග විලාසයක නිරත වූ ගුවන් හමුදා ක්‍රීඩකයින් පලමු  භාගය අවසාන වනවිට උත්සාහක දිනුම් 03 ද සමග 17-7 ලෙස ඉදිරියෙන් සිටි අතර චානක චන්දිමාල් සහ මිලින්ද ජයසිංහ විසින් උත්සාහක දිනුම් ලබාගන්නා ලදී.

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ සී ආර් සහ එෆ් සී පිල  උත්සාහක දිනුම් 02 ලභාගනිමින් තරගාවලියේ ජය හිමිකරගැනීමට සමත් වූ අතර අනුශූරතාවය ගුවන් හමුදාව සතුවිය.

ගුවන් හමුදා ''බී'' කණ්ඩායම හා සී ආර් සහ එෆ් සී ''බී'' කණ්ඩායම අතර පැවති තරගය 29-12 ලෙස පලිහ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.සුරංග අරුනශාන්ත, චානක ගුණරත්න, ඉරාජ් රත්නායක, සේනක ආරියරත්න, සහ ප්‍රසන්න සොයිසා යන ක්‍රීඩකයින් උත්සාහක දිණුම බැගින් ලබාගත් අතර උත්සාහක දිණුම් ප්‍රවර්ථන 02 සාර්ථක කරගැනීමට සුරංග අරුනෂාන්ත මනා දායකත්වයක් තම පිලට ලබා දෙන ලදී.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදාධිපති හා රගර් සම්මේලනයේ වත්මන් සභාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා මෙම තරගාවලියේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි විය.





ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.