ගුවන් ආරක්‍ෂණ පරීෂණ අංශය මගින් ගුවන් ආරක්‍ෂණ උපදේශක පුහුණු වැඩමුළුවක්

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ආරක්‍ෂණ පරීෂක්‍ණ ආයතනය සහ ඒකල ගුවන් හමුදා කඳවුරු හෙලි ටුවර්ස් තාක්‍ෂණික පුහුණු මධ්‍යස්ථානය හා එක්ව සංවිධානය කරන ලද ගුවන් යානා තාක්‍ෂණික පුහුණු වැඩමුළුවක් පසුගිය දා පවත්වන ලදී. හෙලිටුවර්ස් තාක්‍ෂණික පුහුණු මද්‍යස්ථානය විසින් ගුවන් ගමන් ආරක්‍ෂාව සම්බන්ධ පුහුණු උපදේශකයින් පිරිසක් පුහුණු කිරීම සිදු කරනු ලබන පළමු අවස්ථාව මෙය වන අතර ගුවන් ආරක්‍ෂණ පරීක්‍ෂණ ආයතනය මගින් උපදේශකයන් සංචිතය වැඩි කිරීමට දරනු ලබන පළමු උත්සාහයද මෙය වෙයි.

මෙම පුහුණු වැඩසටහනට සහ පුහුණුවීම් සඳහා යොදාගනු ලබන පහසුකම් සඳහා  ශ‍්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතිය හිමිවී තිබේ. මෙම පුහුණු වැඩසටහන දින තුනක කාලයක් පවත්වනු ලබන අතර පාඨමාලාව හදාරන්නන්ගේ උපදේශාත්මක හැකියාව විශේෂඥ මණ්ඩලයක් ඉදිරියේදී පරීක්‍ෂා කරන ලදී.

විංග් කමාන්ඩර් සී සී එම් ගමගේ සහ ස්කොඩ්රන් ලීඩර් ඒ මානගේ මෙම පාඨමාලාව භාරව කටයුතු කරනු ලබයි.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.