අන්තර් ඒකක වෙරළ වොලිබෝල් තරඟාවළිය 2017

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මගින් සංවිධානය කරන ලද 2017 අන්තර් ඒකක වෙරළ වොලිබෝල් තරඟාවළිය පසුගිය අපේ‍්‍රල් මස 28 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේ දී සාර්ථක අයුරින් නිමාවට පත්විය. බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල ගුවන් හමුදා කඳවුර සහා හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවයන් දිනා ගන්නා ලදී.

කටුනායක ගුවන් හමුදා කඳවුරු මූලස්ථානය සහ කටුනායක ගුවන් හමුදා කඳවුරු තාක්‍ෂණික පක්‍ෂාංගය පිළිවෙලින් පාරිමි සහ කාන්තා අනුශූරතාවයන් දිනා ගන්නා ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පරිපාලන අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් සී පී වැලිකල මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ගුවන් හමුදා වොලිබෝල් සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් ආර් එන් තිලකසිංහ, ගුවන් හමුදා නිළධාරීන් සහ සෙසු නිළයන් රැුසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.