අන්තර් ඒකක කැරමි ශූරතාවලිය - 2017

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක කැරමි ශුරතාවලිය 2017 කටුනායක ගුවන් හමුදා කදවුරේදී පසුගියදා (2017 මැයි මස 04) සාර්ථකව නිමා විය. මෙහිදී ගුවන් හමුදා කොළඹ කදවුර පිරිමි සහ කාන්තා අංශයේ සමස්ථ ශූරතාවය හිමි කර ගැනීමට සමත් විය.

ගුවන් හමුදා විද්‍යාපීඨ කදවුර සහ ගුවන් හමුදා රත්මලාන කදවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා අනුශුරතාවය හිමි කර ගැනීමට සමත් විය.

ගුවන් හමුදා සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් එම්ඩී රත්නායක මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර ගුවන් හමුදා කැරමි සංගමයේ සභාපති ගෲප් කැප්ටන් වීටීඑස් සිරිමාන්න ඇතුළු නිළධාරීන් සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාව සදහා සහභාගී විය.



 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.