ගුවන් හමුදා වෙසක් බැති ගී සරණිය - 2017

2607 වෙනි සමිබුද්ධත්ව ජයන්තිය සමරමින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර එක්ව සංවිධානය කල වෙසක් බැති ගී සරණිය මැයි මස 09 වන දින කොළඹ ගුවන් හමුදා රයිෆල් ගී‍්‍රන් ක‍්‍රීඩාංගනයේදී පවත්වන ලදී.

ආරක්‍ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ සභාපතිණි වසන්තා ගුණවර්ධන මැතිණිය ප‍්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස මෙම අවස්ථාව සඳහා සහභාගී වූ අතර ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ සේවා වනිතා ඒකකයේ සභාපතිණි අනෝමා ජයම්පති මහත්මිය විසින් එතුමිය පිළිගන්නා ලදී.

වෙසක් බැති ගී සරණිය - 2017 සඳහා බුදුනරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කර විවිධ කලාකරුවන් විසින් ගායනා කරන ලද ප‍්‍රසිද්ධ ගීත 13 ක් පමණ ගුවන් හමුදා බැති ගී කණ්ඩායම විසින් ගායනා කරන ලදී. එම බැති ගී ආකර්ෂණය වැඩි කරමින් ගුවන් හමුදා පෙරදිග වාද්‍ය වෘන්දය විසින් සංගීතය සපයන ලදී. ශ‍්‍රී සම්බුද්ධත්වය ඉස්මතු කරමින් ගුවන් හමුදා නාට්‍ය කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද මුද්‍රා නාට්‍යයද බැති ගී සරණිය රස විඳීමට පැමිණි නරඹන්නන්ගේ ඉමහත් පැසසුමට භාජනය විය.

ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඩී එල් එස් ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, නිළධාරීන් සෙසු නිළයන් සහ පවුල්වල සාමාජික සාමාජිකාවන් මෙන්ම ගුවන් හමුදා මුලස්ථානය, ගුවන් හමුදා කොළඹ කඳවුර, කටුනායක ගුවන් හමුදා කඳවුර, රත්මලාන ගුවන් හමුදා කඳවුර සහ ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල යන කඳවුරු වල සේවා පුද්ගලයන් රැුසක්ද මෙම අවස්ථාව සදහා සහභාගී වි සිටියහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.