බංගලාදේශ ගුවන් හමුදා හොකී කණ්ඩායම ශ‍්‍රී ලංකා සංචාරය

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ බන්ගලාදේශ ගුවන් හමුදාව අතර සහයෝගීතාවය වර්ධනය කරගැනීමේ අරමුණින් බන්ගලාදේශ ගුවන් හමුදා හොකී කණ්ඩායම පසුගියදා 2017 මැයි 14 වන දින දිවයිනට පැමිණියහ.

ස්කොඩ්රන් ලීඩර් එම්එම් කමල් මෙම කණ්ඩායමේ භාරව කටයුතු කරනු ලබන අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හොකී සංචිතයේ නිළධාරීන් විසින් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේදී මෙම පිරිස හරසරින් පිළිගන්නා ලදී.
මෙසේ දිවයිනට පැමිණි බන්ගලාදේශ ගුවන් හමුදා හොකී කණ්ඩායම සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා හොකී කණ්ඩායම අතර ප්‍රදර්ශනාත්මක හොකී තරග දෙකක් කොළඔ 07 ක්‍රීඩා අමාත්‍යංශ ”ඇස්ට්‍රෝ ටර්ෆ්” කෘතිම හොකී ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

එහි පළමු තරඟය 2017 මැයි මස 15 වන දින පවත්වනු ලැබූ අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම බංගලාදේශ ගුවන් හමුදා හොකී කණ්ඩායම 1-0 ලෙස පරදවා තරඟය ජයග්‍රහණය කරන ලදී.
 
බංගලාදේශ ගුවන් හමුදා හොකී කණ්ඩායමක් ශ‍්‍රී ලංකාවේ සංචාරය කරන ලද පළමු අවස්ථාව මෙය වන අතර මෙම සංචාරය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ බංගලාදේශ ගුවන් හමුදාව අතර සුහද සම්බන්ධතාවය මෙන්ම දෙරට අතර පවත්නා මිත‍්‍ර සම්බන්ධතාවය මනාව පිළිබිඹු කරවන අවස්ථාවක් වෙයි.

තරඟාවළියේ දෙවන තරඟය 2017 මැයි මස 18 වන දින ඇස්ට්‍රෝ ටර්ෆ් කෘතිම හොකී ක‍්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.