සෙනෙහස සියපත ගම්මානය අරනායකදී

අරණායක "සාමස්සර" කන්ද නායයෑමෙන් විපතට පත්වුවන් සඳහා ත්‍රිවිධ හමුදා භට පිරිස් විසින් "සෙනෙහස සියපත" ගම්මානය නමින් ඉදිකරනු ලැබූ නව නිවාස 30 ක් මැයි මස 14 වන දින පැවති උත්සවයක දී ඔවුන් වෙත ප‍්‍රධානය කරනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය යටතේ නිවාස 10 ක් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ කාර්යාලයේ අධීක්ෂණය යටතේ ගුවන් හමුදා සාමාජිකයන් 83 දෙනෙකු ගේ සහභාගිත්වයෙන් නිමකරන ලදී.  

මෙම නිවාස භාරදීමේ උත්සව අවස්ථාව සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, යුද නාවික සහ ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද එක්ව සිටියහ.

අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන්, ආරාධිත අමුත්තන් හා ප‍්‍රදේශවාසීන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

ආරක්ෂක අමාත්‍යාංශය, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගම, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහයෝගයෙන් ලේක් හවුස් ආයතනයේ අදහසකට අනුව "සෙනෙහසේ සියපත" නම් මෙම වැඩසටහන ආරම්භ කර ඇත.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.