වාර්ෂික මාර්ග ධාවන තරගය - 2017

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩා කවුන්සලය මගින් සංවිධානය කරන ලද ගුවන් හමුදා වාර්ෂික මාර්ග ධාවන තරගය 2017 මැයි මස 20 වන දින උදෑසන වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණ. මෙම ධාවන තරගාවලියෙහි සමස්ථ පිරිමි ශූරතාවය දියතලාව ගුවන් හමුදා කඳවුරු කණ්ඩායමත් සමස්ථ කාන්තා ශූරතාවය කොළඹ ගුවන් හමුදා කඳවුරු කණ්ඩායමත් දිනා ගන්නා ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා  කොළඹ  කඳවුරේ රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගනයෙන් අවසන් වූ මෙම ධාවන තරගය සඳහා ගුවන් හමුදා නිළධාරීන්, නිළධාරිනියන්, ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් 300 කට අධික ප‍්‍රමාණයක් සියලුම කඳවුරු නියෝජනය වන පරිදි මේ සඳහා සහභාගී වූ අතර විවිධ වයස් කාණ්ඩයන් යටතේ ඔවුන් තරඟ වදින ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර, ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය, ගුවන් හමුදා නිළධාරීන්, සෙසු නිළයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.