ගුවන් හමුදා සේවා පුද්ගලයන්ගේ දරු දැරියන් සඳහා ශිෂ්‍යත්ව වැඩසටහනක්

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන්ගේ නව සංකල්පයකට අනුව ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ  සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ 2016 වසරේ 05 වසර ශිෂ්‍යත්වයෙන් ඉහළ දක්‍ෂතා දැක්වූ දරුවන් පස් දෙනෙකු සඳහා අතිරේක ශිෂ්‍යත්ව ප‍්‍රදානයක් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි අනෝමා ජයම්පති මහත්මියගේ ප‍්‍රධානත්වයෙන්  ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේදී අද  2017 මැයි 22 දින සිදු කරන ලදී.

මෙම වැඩසටහන යටතේ එක් දරුවෙකු සඳහා මාස්පතා රුපියල් දහසක මුදලක් පිරිනමන අතර එය අ.පො.ස සා/පෙළ දක්වා ඔවුනට හිමිවේ. මෙම ශිෂ්‍යත්ව දිනාගත් දරුවන් හට සේවා වනිතා ඒකකයේ සභාපතිතුමියගේ සුභ පැතුම්ද හිමිවන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.