මියගිය ගුවන් හමුදා බලපංති සැරයන් යාපාරත්න බලලත් නිලධාරි තනතුරට උසස් කෙරේ

ගංවතුර තත්වය හේතුවෙන් විපතට පත්වුවන් මුදවා ගැනිමේ මෙහෙයුම් වල නිරතව සිටියදි පසුගියදා ජිවිතක්ෂයට පත්වු බලපංති සැරයන් යාපාරත්න අද දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් බලලත් නිළධාරී තනතුරට උසස් කරනු ලැබිය.

 මෙම බළලත් නිළධාරීවරයා 2001 ජනවාරි 19 වන දින නිත්‍ය ගුවන් භටයකු ලෙස ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳුනු අතර මූලික පුහුණුව දියතලාව සටන් පුහුණු පාසලින් ලබා ගැනීමෙන් අනතුරුව තම වෘත්තීය පුහුණුව, ඒකල වෘත්තීය පුහුණු පාසලින් ලබා ගන්නා ලදී.

 ඉන් අනතුරුව ගිනි නිවාරණ හා ගලවා ගැනීමේ භටයෙකු ලෙස ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක, අනුරාධපුර, රත්මලාන, මඩකලපුව, කොළඹ, ඉරණමඩු සහ ඒකළ යන කඳවුරු වලදී සක‍්‍රීයව තම දායකත්වය සපයන ලදී.

තම ආදරණීය බිරිඳ වූ ලක්මාලි හා ලක්ෂාන්  පුතණුවන් සමග නො. 305/5, හිඳගමුව, බටහිර කොටුගොඩ යන ලිපිනයෙහි වාසය කල මෙම බලලත් නිළධාරී වරයාගේ අවසන් කටුයුතු 2017 මැයි 29 දින ගුවන් හමුදා ගෞරව සහිතව සිදු කිරීමට නියමිතව ඇත.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් අද දින (2017 මැයි 28 වන දින) දේහය වෙත අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මෙම උසස් කිරීම සිදු කරනු ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.