ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව 2017 මැයි මස 29 වන දිනටත් අඛන්ඩව ගංවතුර සහන මෙහෙයුම් ක‍්‍රියාත්මක කෙරේ

දිවයිනේ දකුණ, බස්නාහිර සහ සබරගමුව පළාත්වල පසුගිය දා ඇතිවුණු දරුණු ගංවතුර තත්වය හේතුවෙන් ආපදාවන්ට ලක්වූ ජනතාවට සහන සැලසීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිව්වන දිනටත් නොකඩවා සිදු කරනු ලබයි. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සතු බෙල් 212, බෙල්412, එම්අයි 17 හෙලිකොප්ටර් යානා සහ වයි 12 වර්ගයේ ගුවන් යානා මෙම මෙහෙයුම් සඳහා යොදාගනු ලබයි.

මේ අනුව ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ආහාර පාර්සල්, වියලි ආහාර, වෛද්‍ය උපකරණ, මුදවා ගැනීමේ බෝට්ටු සහ තවත් සහන උපකරණ රැගෙන ගුවන් ගමන් වාර 30 කට අධික ප‍්‍රමාණයක් කලවාන, වැද්දාගල, කළුතර, බුලත්සිංහල, අයගම, රත්නපුර, බැද්දෙගම, වතුරව, මාතර, තවලම සහ යටිගම්පිටිය යන ප‍්‍රදේශයන්හි සිදුකර ඇත. අද දින පිසූ ආහාර පාර්සල් 19000, වියලි ආහාර කි ග‍්‍රෑ 14295, වතුර බෝතල් 14000 සහ රොටී 8700 කට ආසන්්න ප‍්‍රමාණයක් ආපදාවන්ට ලක්වූ ජනතාව හට බෙදා දීමට නියමිතය.

ඊට  අමතරව ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් රෝගීන් 11 දෙනෙකු සහ ගැබිණි මව්වරුන් දෙදෙනෙකු ප‍්‍රවාහනය කරන ලද අතර එහිදී එක් මවක් විසින් හෙලිකොප්ටර් යානය තුළදී නිරුපද‍්‍රිතව තම දරුවා බිහිකරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ක‍්‍රියාත්මක සහන මෙහෙයුම් සහ මානුෂීය ආධාර බෙදාදීමේ මෙහෙයුම් හෙට දිනයේදිත් සිදු කිරීමට නියමිතය.



 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.