ශ්‍රී ලංකා ගුවන් හමුදා වෛද්‍ය කණ්ඩායම අයගම ප‍්‍රදේශයේ සහන සේවා කටයුතු නොකඩවා සිදුකරයි

අයගම ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී විසින් කරන ලද ඉල්ලීමකට අනුව වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන්, හෙද හෙදියන් සත්දෙනෙකුගෙන්, වෛද්‍ය උපකරණ සහ වියලි සලාක වලින් සමන්විත තවත් ගුවන් හමුදා වෛද්‍ය සහන සේවා කණ්ඩායමක් අයගම ප‍්‍රදේශයේ ගංවතුරින් විපතට පත් ජනතාවගේ ෙසෞඛ්‍ය කටයුතු නගා සිටුවීමේ කාර්යය කාර්යක්‍ෂම කිරීම සඳහා අද උදෑසන ගුවන් මගින් ප‍්‍රවාහනය කරන ලදී.

ඇතිවූ ගංවතුර හේතුවෙන් අයගම ප‍්‍රදේශයේ රොහල් පහසුකම් අකර්මණ්‍ය වී ඇති අතර වෛද්‍ය සැපයුම්ද අඩාල වී ඇත. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා නිරීක්‍ෂණ ගුවන් යානාවන්ට අයගම ප‍්‍රදේශය ගංවතුරින් දැඩි ලෙස පීඩාවට පත්වූ ප‍්‍රදෙශයක් මෙන්ම එම ප‍්‍රදේශයට ගොඩබිමින් ඇතුළු විමේ මාර්ග ඉතා සීමිත බව නිරීක්‍ෂණය වී ඇත. ඒ අනුව ගුවන් හමුදා මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් විධානය මගින් මැය් මස 29 වන දින වෛද්‍ය සහන කණ්ඩායමක් ගුවන් මගින් එම ප‍්‍රදේශයට පිටත් කර හරින ලදී.

මෙම මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසු රෝගීන් 1000 කට අධික ප‍්‍රමාණයක් වෛද්‍ය පහසුකම් සලසාගෙන ඇති අතර ඉදිරියටත් ගුවන් හමුදාව මෙම ප‍්‍රදේශයේ ජනතාවට සාමාන්‍ය ලෙස ජීවන තත්වයක් පවත්වාගෙන යාමට අවශ්‍ය සෞඛ්‍ය සහ වෛද්‍ය පහසුකම් සැලසීම සිදු කරනු ලබයි.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.