ගුවන් හමුදා සෙසු නිළ නිවාඩු නිකේතනය මහනුවරදී විවෘත කෙරේ

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සෙසු නිළයන් සඳහා කටුගස්තොට, සෙනරත්ගම ඉදිකතරන ලද නිවාඩු නිකේතන පරිශ‍්‍රය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් අද (20017 ජූනි මස 01 වන ) දින විවෘත කරන  ලදී. මෙම නිවාඩු නිකේතන පරිශ‍්‍රය පොදු භෝජනාගාර පහසුකම් වලින් සමන්විත පොදු සුඛෝපබෝගී නිවාස තුනකින් සමන්විත වෙයි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අද්‍යක්‍ෂකයේ අනුදැනු මත කටුනායක ගුවන් හමුදා කඳවුරු සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී. සියුළුම පහසුකම්වලින් සමන්විත සුඛෝපබොගී නිවාස තුනකින් මෙම පරිශ‍්‍රය සමන්විත වෙයි.

ගුවන් හමුදා සැපයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එච්එම්එස්කේබී  කොටකදෙණිය, සීගිරිය ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෘප් කැප්ටන් එල්එච්එන් ජයතිලක, නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.