මීරිගම ගුවන් හමුදා කඳවුර සිය 10 වන සංවත්සරය සමරයි

මීරිගම ගුවන් හමුදා කඳවුර සිය 10 වන සංවත්සරය 2017 ජූනි මස 01 වන දින සමරන ලදී.

සංවත්සරයට සමගාමීව 2017 මැයි මස 28 වන දින වෛද්‍ය සායනයක්,  කඳවුරු අණදෙන නිළධාරී ගෘප් කැප්ටන් ඕඒඑන්එස් ප‍්‍රනාන්දු ගේ උපදෙස් පරිදි කුතුල්වල ප‍්‍රදේශයේදී සිදු කරන ලද අතර එහිදී කඳවුර අවට වාසය කරනු අඩු පහසුක්ම සහිත පුද්ගලයින් 162 කු වෛද්‍ය සහ දන්ත වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගන්නා ලදී.

සංවත්සර දින පෙළපාලිය ජූනි මස 01 වන දින අණදෙන නිළධාරීතුමන් විසින් පරීක්‍ෂාවට භාජනය කතරන ලදී. සියළු නිළයන්ගේ තේපැන් සංග‍්‍රහයකින් අනතුරුව සංවත්සර දින සැමරුම නිමාවට පත් විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.