කටුනායක ගුවන් හමුදා කඳවුරු සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය සිය 14 වන සංවත්සරය සමරයි

කටුනායක ගුවන් හමුදා කඳවුරු සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය පසුගිය ජූනි මස 13 වන දින සිය 14 වන සංවත්සරය සමරන ලදී.

සංවත්සර සැමරුම් දින ආරම්භ කරමින් අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එම්බීසීඩී මුතුතන්ති‍්‍ර විසින් සියළු දෙන අමතන ලද අතර පසුව පක්‍ෂාංගයේ සියළුම නිළයන්ගේ සහ සිවිල් සේවකත මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සැහැල්ලු පන්දු ක‍්‍රිකට් තරඟාවළියක් කඳවුරු ක‍්‍රීඩාංගනයේදී පවත්වන ලදී.

සංවත්සර දිනයට සමගාමීව ජූනි මස 06 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු රෝහල් පරිශ‍්‍රයේදී ලේ දන්දීමේ වැඩසටහනක්ද පවත්වන ලදී. ඒ සඳහා 133 පමණ ලේ දන්දීම සඳහා ඉදිරිපත් වූහ. මෙම ලේ දන්දීමේ වැඩසටහන කටුනායක ගුවන් හමුදා කඳවුරු සිවිල් ඉංජිනේරු පක්‍ෂාංය, කටුනායක ගුවන් හමුදා කඳවුරු රෝහල සහ මීගමුව මහ රෝහල එක්ව සංවිධානය කරන ලදි.

සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය මේ වන විට සිවිල් ඉංජිනේරු නිළධාරීන් 20 දෙනෙකුගෙන්ද, සිවිල් ඉංජිනේරූ වෘත්තීන්හි මනා පුහුණව ලත් ගුවන් භටයින් 1432  දෙනෙකුගෙන්ද සමන්විත වෙයි. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය විසින් සැලසුම් කරනු ලබන පරිදි ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සියළුම ඉදිකිරීම් සහ නැවත ගොඩනැගීමේ කටයුතු සියල්ලක්ම සිවිල් ඉංජිේනරු පක්‍ෂාංගය මගින් සිදු කරනු ලබයි.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.