ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කදවුරේ වාර්ෂික පරීක‍ෂණය 2017

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් අද දින (2017 ජූනි මස 16) චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කදවුරේ සිය වාර්ෂික පරීක‍ෂණය සිදු කරන ලදී.චීන වරාය විද්‍යාපීඨ කඳවුරේ පිඨාධිපති එයාර් වයිස් මාර්ෂල්  රවී ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කඳවුරු පරිශ්‍රයට ගුවන් හමුදාධිපතිතුමන් පිලිගන්නා ලදී.කඳවුරු පරිශ්‍රය ආවරණය වන පරිදි ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණය පැවැත්වූ අතර ගුවන් හමුදාව වෙනුවෙන් පසුගිය වර්ෂය තුළ කල විශිෂ්ඨ සේවාව වෙනුවෙන් 024175 නායක ගුවන්භට මකලන්ද එම්  ආර් හා සිවිල් සේවක එම් ආර් නිෂාබ්දීන් යන අය වලුන් ගුවන් හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්විය.කඳවුරේ සියලුම නිළයන්ගේ සහභාගීත්වයෙන් දිවා භෝජන සංග්‍රහය ගුවන් භට භෝජනාගාරයේදී පැවැත්වීමෙන් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් සියලු දෙනා අමතමින් කඳවුරේ සිදු කර ඇති සියලු කාර්යයන් සහ ඒ සඳහා දායක වූ සියලූ දෙනාට ස්තුතිය පල කරන ලදී.ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කදවුරේ වාර්ෂික පරීක‍ෂණය 2017ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් අද දින (2017 ජූනි මස 16) චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කදවුරේ සිය වාර්ෂික පරීක‍ෂණය සිදු කරන ලදී.චීන වරාය විද්‍යාපීඨ කඳවුරේ පිඨාධිපති එයාර් වයිස් මාර්ෂල්  රවී ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කඳවුරු පරිශ්‍රයට ගුවන් හමුදාධිපතිතුමන් පිලිගන්නා ලදී.කඳවුරු පරිශ්‍රය ආවරණය වන පරිදි ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණය පැවැත්වූ අතර ගුවන් හමුදාව වෙනුවෙන් පසුගිය වර්ෂය තුළ කල විශිෂ්ඨ සේවාව වෙනුවෙන් 024175 නායක ගුවන්භට මකලන්ද එම්  ආර් හා සිවිල් සේවක එම් ආර් නිෂාබ්දීන් යන අය වලුන් ගුවන් හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්විය.කඳවුරේ සියලුම නිළයන්ගේ සහභාගීත්වයෙන් දිවා භෝජන සංග්‍රහය ගුවන් භට භෝජනාගාරයේදී පැවැත්වීමෙන් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් සියලු දෙනා අමතමින් කඳවුරේ සිදු කර ඇති සියලු කාර්යයන් සහ ඒ සඳහා දායක වූ සියලූ දෙනාට ස්තුතිය පල කරන ලදී.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.