ගුවන් විරුවන් අනුස්මරණය කිරීමේ හින්දු ආගමික පුජෝත්සවය 2017

ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ හින්දු ආගමික පුජෝත්සවය, අද (2017 ජුනි මස 28) දින  කොළඹ 10 කැප්ටන් ගාර්ඩන් ශ‍්‍රී කයිලාසනාදර් ස්වාමි කෝවිලේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

ගුවන් හමුදාව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම හින්දු ආගමික පූජෝත්සවය මගින් පසුගිය යුධ සමයේ තම මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදු ගුවන් හමුදා විරුවන් මෙන්ම සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් සිහිකිරීම, සක‍්‍රීය සේවයේ යෙදී සිටින රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් වෙනුවෙන් මෙන්ම කඳවුරු ඒකකයන් වෙත ආශිර්වාද කිරිමද සිදු විය.

මෙම පූජෝත්සවය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රධාන මාන්ඩලික නිලධාරී එයාර් වයිස් මාර්ෂල් ඩී.එල්.එස් ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන්  හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් හා සෙසු නිළයන් ඇතුළු මිය ගිය රණවිරු පවුල් වල සාමාජිකයින්ද සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.