ශ්‍රී ලංකා ගුවන් හමුදා වන්නි රෙජිමේන්තු පුහුණු පාසලේ ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්‍ෂනය 2017

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් අද (2017 ජූනි මස 29) දින වන්නි ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසලෙහි ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්‍ෂණය සිදු කරන ලදී.

වාර්ෂික පරීක්‍ෂනය සිදු කිරීම සදහා කඳවුර වෙත පැමිණි ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් කේකේඒකේ කළුආරච්චි විසින්  පිළිගනු ලැබූ අතර මාර්ග පෙළ ඛණ්ඩයකින් ගුවන් හමුදාධිපතිතුමන් හට උත්තමාචාර පුද කරන ලදී.

ගුවන් හමුදාවේ සහ කඳවුරේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවීමෙන් ක‍්‍රියා කල 013485 කෝප‍්‍රල් රාජපක්‍ෂ ආර්එම්එස්කේ (මෙහෙයුම් භූමි III) හට තමන් දක්වන ලද දායකත්වය වෙනුවෙන් ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.

පරීක්‍ෂනය සිදු කරමින් කඳවුරේ සියලු අංශයන් ගුවන් හමුදාධිපතිතුමන් විසින් නිරීක‍ෂණය කල අතර අළුතින් ඉදිකරන ලද ගුවන් ගමන් පර්යන්තය විවෘත කිරීමද ගුවන් හමුදාධිපතිතුමන් විසින් සිදු කරන ලදී.

පරීක්‍ෂනය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සියළුම නිළධාරීන් , සෙසු නිළයන් හා සියළුම සිවිල් සේවක මහත්ම මහත්මීන් හට කඳවුරු සංවිධානය වෙනුවෙන් කරන ලද වැඩ පිලිවෙල වෙනුවෙන් ස්තූති කල අතර අනාගතයේදී ඉහල ඉලක්ක කරා ගමන් කිරීමට ඔවුන් දිරිමත් කිරීමද එතුමන් විසින් සිදු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.