පාසල් අවසන් කල සේවා පුද්ගලයන්ගේ දියණියන් යහපත් ගෘහණියන් වශයෙන් සම්පූර්ණ කිරීමේ පාඨමාලාව අවසන් වෙයි

පාසල් අවසන් කල සේවා පුද්ගලයන්ගේ දියණියන් යහපත් ගෘහණියන් වශයෙන්  සම්පූර්ණ කිරීමේ පාඨමාලාව අවසාන කිරීමේ උත්සවය 2017 ජූලි මස 02වන දින ඒකල ගුවන් හමුදා වෘත්තීයපුහුණු පාසල් හෙලිටුවර්ස් පුහුණුවීම් මද්‍යස්ථානයේදී සිදු කරන ලදී.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිී අනෝමා ජයම්පති මහත්මිය ප‍්‍රධාන ආරාධිත අමුත්තිය වහයෙන් මෙම අවස්ථාවට සහභාගී වූවාය. එහිදී එතුමිය විසින් පාඨමාලාව හැදෑරූ සිසුවියන්ට සහ උපදේශකයින් හට සහතික පත්සහ ත්‍යාග ප‍්‍රදානය කිරීම සිදු කරන ලදී.

මෙහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවයේ නියුතු හා සේවයෙන් විශ‍්‍රාම ගන්නා ලද සේවා පුද්ගලයන්ගේ පාසල් අධ්‍යාපනය අවසන් කල සිසුවියන් 19 දෙනෙකු පාඨමාලාව අවසන් කර සහතික පත් ලබා ගන්නා ලදී.

ගුවන් හමුදා වැඩබලන සුභ සාධක අධ්‍යක්‍ෂිකා එයාර් කොමඩෝර් පීඩීඒ මාරිස්ටෙලා, ඒකල වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ජූඩ් පෙරේරා, නිළධාරීන්, සෙසු නිළයන් සහ සිසුවියන් මෙම අවස්වට සහභාගී වූහ.

මීලඟ පාඨමාලාව 2017 සැප්තැම්බර් මසයේදී ආරම්භ කිරීමට නියමිත අතර එය සති අන්ත පාඨමාලාවක් වශයෙන් සති අන්ත 6 කදී පැවැත්වීමට නියමිත වෙයි. මේ සඳහා ගුවන් හමුදා සේවයේ නියුතු සහ සේවයෙන් විශ‍්‍රාම ගන්නා ලද සේවා පුද්ගලයන්ගේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සහ අ.පො.ස. උසස් පෙළ විභාගයන් සම්පූර්ණ කල දුවණියන් හට අයදුම් කල හැකි වෙයි.

වැඩි විස්තර සඳහා අමතන්න

ගෲප් කැප්ටන් හර්ෂ ජයතිලක 0772291833  (සුභ සාධක අධ්‍යක්‍ෂක කාර්යාලය)
ගෲප් කැප්ටන් ජූඩ් පෙරේරා 0772229117 (අණදෙන නිළධාරී, වෘත්තීය පුහුණු පාසල ඒකල)
ස්කොඩ්රන් ලීඩර් චාමිනී ගමගේ 0772229283 (ලේකම්, සේවා වනිතා ඒකකය)

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.