2017 ශ‍්‍රී ලංකා බොක්සිං සම්මේලන අන්තර්මධ්‍යම බොක්සිං තරඟාවළිය

ශ‍්‍රී ලංකා බොක්සිං සම්මේලනය විසින් සංවිධානය කරන ලද 2017 අන්තර්මධ්‍යම බොක්සිං තරඟාවළියේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බොක්සිං ක‍්‍රිඩක ක‍්‍රිඩිකාවන් විසින් රන් පදක්කම් 04, රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 09 ක් දිනාගැනීමට සමත්විය.

තරඟාවළිය පසුගිය ජූනි මස 27 වන දින සිට ජූලි මස 01 වන දින දක්වා කොළඹ රාජකීය විද්‍යාලයේ රාජකීය මාස් බොක්සිං කවයේදී පවත්වන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බොක්සිං ක‍්‍රීඩක 019112 නායක ගුවන් භට බන්ඩාර ඒඑම්එස්පී තරඟාවළියේ දක්‍ෂතම බොක්සිං ක‍්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගන්නා ලදී.

තරඟාවළියේ ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා

රන් පදක්කම් - පිරිමි
නායක ගුවන් භට බන්ඩාර ඒඑම්එස්පී (කිග‍්‍රෑ 49 ලයිට් ෆ්ලයි)
නායක ගුවන් භට රූපසිංහ ආර්ඩීඑච්වී (කිග‍්‍රෑ 52 ෆ්ලයි)
නායක ගුවන් භට මීගස්තැන්න එම්ඩබ්එම්එම් (කිග‍්‍රෑ 91 සුපර් හෙවි වේට්)

රන් පදක්කම් - කාන්තා
නායක ගුවන් කාන්තා කළුආරච්චි ජීඑන් (කිග‍්‍රෑ 75 මිඩ්ල් වේට්)

රිදී පදක්කම් - පිරිමි
නායක ගුවන් භට සුගත් ජූඩබ් (කිග‍්‍රෑ 56 බැන්ටම් වේට්)
නායක ගුවන් භට පුෂ්පකුමාර ඒඑම්එස් (කිග‍්‍රෑ 52 ෆ්ලයි වේට්)

ලෝකඩ පදක්කම් - පිරිමි
නායක ගුවන් භට රත්නායක ඒඩීඒ (කිග‍්‍රෑ 91 හෙවි වේට්)
නායක ගුවන් භට තිලකරත්න පීඑස් (කිග‍්‍රෑ 81 ලයිට් හෙවි වේට්)
නායක ගුවන් භට පුෂ්පකුමාර එම්ඪී (කිග‍්‍රෑ 75 මිඩ්ල් වේට්)
නායක ගුවන් භට විජේසුන්දර ඩබ්එම්ඒඑස් (කිග‍්‍රෑ 69 වෙල්ටර් වේට්)
නායක ගුවන් භට අතුකෝරල ඒඩීවයිකේ (කිග‍්‍රෑ 69 වෙල්ටර් වේට්)
නායක ගුවන් භට මධුරංග ජේඒජී (කිග‍්‍රෑ 64 ලයිට් වෙල්ටර් වේට්)

ලෝකඩ පදක්කම් - කාන්තා
නායක ගුවන් කාන්තා පස්යාල පීඒඑච්සී (කිග‍්‍රෑ බැන්ටම් වේට්)


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.