අන්තර් ඒකක වෙඩි තැබීමේ ශූරතාව 2017

2017 අන්තර් ඒකක වෙඩි තැබීමේ ශූරතාවලිය 2017 ජුලි මස 04 වන දින අම්පාර ගුවන් හමුදා කඳවුරේදී සාර්ථකව නිමාවට පත්විය. මෙහිදී පිළිවෙලින් පිරිමි හා කාන්තා ශූරතාවයන් ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මොරවැව කඳවුර සහ ශී‍්‍ර ලංකා ගුවන්  හමුදා අම්පාර කදවුර විසින් දිනා ගැනීමට සමත්විය.

මෙම තරගාවලියේ පිරිමි සහ කාන්තා අනුශූරතාවය පිළිවෙලින්  ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අම්පාර කඳවුර සහ දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල විසින් හිමි කර ගන්නා ලදි.

තරගාවලියේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා මෙහෙයුම් භුමි අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් කේ එෆ් ආර් ප‍්‍රනාන්දු මහතා සහභාගී වූ අතර ගුවන් හමුදා වෙඩි තැබීමේ සංගමයේ සභාපති එයාර් කොමඩෝර් ජී ජී ඩබ් ටී කේ ගුණවර්ධන ඇතුළු නිළධාරීන් සහ සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්විය.

කේවල ශූරතාවයන් -  පිරිමි
පළමු ස්ථානය - කෝප‍්‍රල් වික‍්‍රමසිංහ එම්ඒපීආර් (ගුවන් හමුදා කදවුර මොරවැව)
දෙවන ස්ථානය - කෝප‍්‍රල් වික‍්‍රමනායක එච්එම් (රෙජිමේන්තු පක්‍ෂාංගය කටුනායක)
තෙවන ස්ථානය - නාගුභට වික‍්‍රමනායක ඩීඩබ්කේජීඩීපී (ගුවන් හමුදා කදවුර මඩකලපුව)

කේවල ශූරතාවයන් -  කාන්තා
ප්රථම ස්ථානය - නාගුකා මදුෂානි ඩීඑම්එම් (ගුවන් හමුදා අම්පාර කදවුර)
2 වන ස්ථානය - නාගුකා චමෝදනී එස්වයිඑන් (ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාව)
තෙවන ස්ථානය - නාගුකා ආරියදාස කේඑල්ඒඑම් (ගුවන් හමුදා අම්පාර කදවුර)

කේවල අංශයේ හොඳම නිළධාරියා
ෆ්ලයිට් ලෙෆ්ටිනන් එම්ජීකේ දයා කුමාර (ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාව)

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.