12 වන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විවෘත ස්කොෂ් තරගාවලිය - 2017

12 වන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විවෘත ස්කොෂ් තරඟාවළිය පසුගිය 2017 ජූනි මස 24 වන දින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 300 කගේ පමණ සහභාගීත්වයෙන් ආරම්භ වී  2017 ජූලි මස 06 වන දින රත්මලාන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ස්කොෂ් ක‍්‍රීඩා සංකීර්ණයේදී අති සාර්ථක අයුරින් නිමාවට පත්විය.

 රවිඳු ලක්සිරි සහ  මිහිලියා මෙත්සරණී පිළිවෙලින් විවෘත කාන්තා සහ පිරිමි ශූරතාවයන්  දිනා ගැනීමට සමත් විය.

මෙහිදී වයස අවු 13 න් පහල, 15 න් පහල, 17 න් පහල සහ 19 න් පහල වයස් කාණ්ඩයන් යටතේ තරඟාවලිය පවත්වන අතර කාන්තා සහ පිරිමි විවෘත, අවු 35 ට වැඩි, අවු 45 ට වැඩි සහ කාන්තා හා පිරිමි ආධුනික යන අංශ යටතේද තරඟ පවත්වන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය, ගුවන් හමුදා ස්කොෂ් සංචිතයේ සභාපති එයාර් කොමඩොර් එස් ඩී කොටගේ, රත්මලාන ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩොර් ආර් පී ලියනගමගේ, ශ‍්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ සභාපති සුරංජිත් පේ‍්‍රමදාස මහතා සහ ගුවන් හමුදා නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.