ගුවන් හමුදා ක්‍රීඩිකා නිමාලී රන් පදක්කමක් හිමි කර ගනී

ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා මලල ක්‍රීඩිකා කෝප්‍රරල් නිමාලි ලියනාරච්චි විසින් ඉන්දියාවේ බුබෙන්ස්වාහි කාලින්ංග ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන 22 වැනි ආසියානු මලල කි්රඩා ශූරතාවලියේ කාන්තා මීටර් 800 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට පසුගියදා (2017 ජුලි මස 09) සමත් විය.

මෙම ශූරතාවලිය සදහා චීනය, ජපානය, ඉන්දියාව, කසකස්තානය, නේපාලය, දකුණු කොරියාව, උතුරු කොරියාව, බංග්ලාදේශය, කිර්ගිස්තානය, ටිමෝර්-ලෙස්ටේ සහ භූතානය යන ආසියාතික රටවල් වල කි්රඩිකාවන් සහභාගී වී සිටියහ.

නිමාලි ලියනාරච්චි 2 05 23 ක කාලයක් වාර්ථා කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර 2 05 27 ක කාලයක් වාර්ථා කරමින් එම ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලාංකික ක්‍රීඩිකා ගයන්තිකා තුෂාරිකා හිමි කර ගැනීමට සමත් විය. එම ඉසව්වේ ලෝකඩ පදක්කම ජපානය නියෝජනය කල ක්‍රීඩිකා (2 06 50) ෆාමිකා ඔමෝරි හට හිමි වියි.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.