ගුවන් හමුදා සක‍්‍රීය සේවයේ යෙදී සිටියදී ආබාධිත වූ සේවා පුද්ගලයන් සහ සේවා පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් හට ගුවන් හමුදාවෙන් ආධාර

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සක‍්‍රීය සේවයේ යෙදී සිටියදී ආබාධිත වූ එක් නිළධාරීවරයෙකු, සේවා පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයින් 05 දෙනෙකු සහ එක් ගුවන් භටයෙකු හට රෝද පුටු බෙදා දීමක් අද (2017 ජූලි මස 12)  දින ශ‍්‍රි ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ දී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය ගේ ප‍්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

ආබාධිත තත්වයට පත්වූ  සේවා පුද්ගලයන්ගේ ජීවිතයට අත්වැලක් වීමේ අරමුණින් යුතුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් ඔවුන් හට රෝද පුටු 07 ක් ලබා ගැනීම සඳහා සේවා වනිතා ඒකකයේ අරමුදලින් මුදල් ලබා දීම සිදු කරන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.